Connecting Database with a PHP

හරි බලමු සරලව Database එකක් Php වලින් connect කර ගන්නේ කොහෝම ද? කියලා.PHP කියන language use කරන්නේ Web site Development වල backend එක program කරන්න. අපිට Database එක connect කර ගන්නකොට OOP( Object Oriented Programming concepts) Use කරන්න වෙනවා PHP එක්ක. ඔයාලට සමහර විට මේ කතාව තේරෙන්නෙ නැති වෙයි. මම Code example එක්ක කරගෙන යන්නම් එතකොට ඔයාට crystal clear වෙයි.

අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා❤️

මුලුන්ම අපි connection.php එකක් හදාගන්න ඕන. ඊට පස්සේ PHP Start and close Tag එක දාන්නගන්න ඕනි. හරියට මේ වගේ

code example 01👇

<?php

මේක ඇතුලේ තමයි ඔයාගේ programming part එක කරගන්න ඕනි.

?>

හරි එක තමයි අපේ main class එක අපි එක ඇතුලේ අනිත් code ටික programming කර ගන්නවා.අපි මුලින් හදා ගන්න ඕනි global variable එකක් connection කියලා මෙන්න මේ විදියට

code example 02👇

public static $connection;

ඊට පස්සේ function එකක් හද ගන්න ඕනි

code example 03👇

public static function connect(){

අපි මේ function එක ඇතුලේ තමයි Database එක connect කර ගන්න code එක program කරන්නේ

}

Like this 👇

code example 04

 public static function connect()

    {                                                                                                                                                                                                                                                                                                                                        

        if (!isset(Database::$connection)) {

            Database::$connection = new mysqli(“your_hostname”, “your_username”, “your_password”, “your_database_name”, “port”);

        }

    }

if tag එකක් දාලා මුලින්නම එක ඇතුලේ අපි !isset එකක් දාල අපි check කරලා බලානවා අපේ Database එකට අපි හද ගත්ත $connection එක සෙට් වෙලා නැද්ද කියලා.

!isset කියන්නේ set වෙලා නැත්තම් කියන දේ not set වගේ not කියන කැල්ල add වෙන්නේ ! මෙන්න මේ මාර්ක් එක නිසා . ! මේක නැතුවා isset කියාලා තිබ්බුනොත් ඒ කියන්නේ set වෙලා තියේ නම් කියන එක .හරි අපි Database එක connect වෙලා නැත්තනම්.අපි new mysql කියලා object දාගන්න ඕනි.ඊට පස්සේ () දෙකක් දාලා එක ඇතුලේ අපි අපේ database එකට අදාල details ටික දාගන්න ඕනි. මෙන්න මේ විදියට.

code example 05👇

new mysqli(“your_hostname”, “your_username”, “your_password”, “your_database_name”, “port”);

code example 05

ඊට පස්සේ අපි අපේ Database::$connection එකට එක Initialize කර ගන්නවා.මම දාලා තියෙන code example 04 check කරන්න තේරුනේ නැත්තනම්. අපි ඒ function එක close කරනවා එතනිම්.අපි Database එක connect කර ගෙන ඉවරයි. ඊළගට අපි query ටික execute කර ගන්න part එකට යමු.database connect කරගෙන,query ටික execute කරන්න හදාගත්තම අපිට තියෙන්නේ අදාල file එකට include කරන්න විතරයි connetion file එක. හැම file එකක්ම Database එක connect කර ගන්න code කරගන්න ඕනි නැ.

query execute part 👇

මුලින්නම අපි අයෙත් function එකක් ද ගන්න ඕනි public static function iud කියලා.

iud කියන්නේ

i = insert

u = update

d = delete දැන් ඔයාට පොඩි idea එකක් එන්න ඇති අපි මොන query ටිකද execute කර ගන්න යන්නේ කියලා.

code example 06👇

  public static function iud($q)

    {

        Database::connect();

        Database::$connection->query($q);

    }

d

code example 06 එක අනුව මම iud query ටික execute කරන විදිය පැහදිලි කරන්නම්. වරන් ඇතුලේ දැම්ම $q තමයි අපි execute කරන query එක .එක කියන්නේ අපි insert query එකක් ලිය ගත්තොත් එකට equal වෙනවා.හරි අපි එක ඇතුලේ ඊට පස්සේ අපේ Database එක connect කර ගන්නවා .ඊට පස්සේ අපේ Database::$connection එක දාගන්නවා. හරි එක හරහා අපි code example 06 එකේ පෙන්නලා තියෙන විදියට query ටික execute කර ගන්නවා.

අපි දැන් search query එක execute කර ගමු .අපි එක වෙනම execute කර ගන්න හේතුව තමයි.අපි කරන්නේ Database එකෙන් රෙස්ල්ට් එකක් ගන්න එකනේ ඒ කියන්නේ අපි Database එකෙන් Output එකක් ගන්නේ අපි iud query වලින් කරේ input එකක් දෙන එක Database එකට.

අපි අයෙත් function එකක් හදාගන්න ඕනි public static function search;

code example 07👇

public static function search($q)

    {

        Database::connect();

        $reuslt_set = Database::$connection->query($q);

        return $reuslt_set;

    }

එකෙත් අපි ($q) දන්නා ඕනි.ඊට පස්සේ code example 06 කිවුව විදියටම .එම function එක හරහාම එක execute කරන්න ඕනි.ඔයාට පේනවා ඇති අලුත් දෙයක් add වෙලා තියෙනවා search query එකට . එකට හේතුව මම කලින් කිවුවා වගේ result එකක් ගන්න එක. අපි   $reuslt_set කියලා variable එකක් දාගන්න ඕනි.එක අපි assigning කරනවා අපි execute කරන query එකට.code example 07 Check කරන්න තේරුනේ නැත්නම්. ඊට පස්සේ අපි එක return කරගන්නවා   $reuslt_set එක ( like this 👉 return $reuslt_set; ).

query ඔක්කොම අපි execute කරගෙන ඉවරයි.මුලින්නම හදා ගත්ත.Database කියන main class එකත් close කරගන්නවා.එහෙම තමයි අපි සරලව Database එක PHP වලින් connect කරගන්නේ.

ඔයාලා මුළු article එකම read කර නම් මෙන්න මගෙන් gift එකක්😉💐. පහල තියෙන fully code එක use කරලා issue තියේ නම් fixed කරගන්න

<?php

class Database

{

    public static  $connection;

    public static function connect()

    {                                                                                                                                                                                                                                                                                                                                        

        if (!isset(Database::$connection)) {

            Database::$connection = new mysqli(“your_hostname”, “your_username”, “your_password”, “your_database_name”, “port”);

        }

    }

    public static function iud($q)

    {

        Database::connect();

        Database::$connection->query($q);

    }

    public static function search($q)

    {

        Database::connect();

        $reuslt_set = Database::$connection->query($q);

        return $reuslt_set;

    }

}

?>

All the bset good luck❤️💐🤞

Leave a Reply

Your email address will not be published. Required fields are marked *